නෙදර්ලන්තයෙන් ලැබෙන පුරාවස්තු සඳහා විශේෂ ආරක්ෂාවක්.

Sri Lanka Netherlands
By Hashini Sep 05, 2023 03:53 AM GMT
Hashini

Hashini

Report

නෙදර්ලන්ත රජයෙන් දිවයිනට ලැබීමට නියමිත පුරාවස්තු මෙහි රැගෙන පැමිණි පසු ඒවා තැම්පත් කරන ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එහිදී පොලිස් ආරක්ෂාව සහ CCTV කැමරා සවිකිරීමට නියමිතයි.

කොළඹ ජාතික කෞතුකාගාරයේ ඉදිරිපස මැදිරියක් මෙම කෞතුක භාණ්ඩ ආරක්ෂා සහිතව තැන්පත් කිරීමට වෙන කර තිබෙන බව එහි උසස් නිලධාරිනියක පවසනවා.

මෙම කෞතුක භාණ්ඩ දෙසැම්බර් මාසයේදී ලංකාවට ලැබීමට නියමිතයි.

1765 වසරේ ලන්දේසින් විසින් මහනුවර රජ මාලිගාව වටලන අවස්ථාවේ රනින් හා රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්,රනින් නිම කළ පිහියක්,මහා තුවක්කු දෙකක් සහ කාලතුවක්කුවක් මෙලෙස යළි ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවයි. 

ReeCha