වෛද්‍යවරුන්ගෙන් ජනතාවට ඉල්ලීමක් අනිවාර්යයෙන් පිළිපදින්න
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජේසිංහ මහතා පවසා ඇත්තේ ආපදා තත්ත්වයෙන් පසුව නිවෙස් ආශ්‍රිතව පවතින මඩ අපද්‍රව්‍ය සහිත ස්ථාන වෙත යෑමේදී පාවහන් භාවිතා කිරීමෙන් වසංගත රෝග වලින් වැළකී සිටිමට හැකි බවයි.
මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් වෛද්‍යවරයා ජනතාව පවසා සිටියේ, "ආපදා තත්ත්වයෙන් පසුව මඩ අපද්‍රව්‍ය ඔබේ ගෙවල් ආශ්‍රිතව තිබෙනවා. පුළුවන් සෑම වෙලාවකම පාවහන් පළදින්න. මඩ අපද්‍රව්‍ය සහිත ජලයට නිරාවරණය වෙනවා නම් මී උණ සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. කුඩා දරුවන්,ගැබිණි මව්වරුන් ඇතුළු අවදානම් තත්ත්වය වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. තමන්ගේ සෞඛ්‍ය සනිපාරක්ෂාව ,සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වඩා වැඩියෙන් අවධානය යොමු කරන්න." ලෙසයි.