“මට සමාවෙන්න ප්‍රියන්ත.. මම උත්සාහ කළා..” ප්‍රියන්තගේ මිතුරා තැබූ සටහන

parkisthan Priyantha kumara
By Sithumi Dec 08, 2021 04:17 PM GMT
Sithumi

Sithumi

Report

පාකිස්ථානයේ සියල්කොට්හිදී මිලේච්ඡ අන්තවාදී ප්‍රහාරයක් හමුවේ ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ දෙණ, කඩවත ගනේමුල්ලේ නිවසේ තැන්පත් කරන ඡායාරූපයක් සිය ට්ටිටර් ගිණුම ඔස්සේ පළ කරමින්, මලික් අද්නාන් ඉහත වැකිය සටහන් කර තිබුණා. එම වැකිය සහ මලික් අද්නාන් අතර ඇත්තේ, වෙන් කළ නොහැකි සබඳතාවක්.

සාහසකයින් පිරිසක් ප්‍රියන්ත කුමාරව වට කරගෙන පහර දෙද්දි, තනි මලික් අද්නාන් එම ප්‍රහාරයන්ට එරෙහිව ඔහුට කළ හැකි සියලු ප්‍රතිවිරෝධතාවන් දක්වනවා. කෙසේ වෙතත්, එම ප්‍රතිවිරෝධය මෙම උමතු අන්තවාදීන්ගේ සැහැසිකම් නවතාලන්නට ප්‍රමාණවත් වූයේ නැහැ.

සිය ජීවිතය අනතුරේ හෙළමින්, තවකෙකුගේ හුස්ම පොද රැකගන්නට අද්නාන් කළ සටන තවත් සුළු වේලාවකින් ලොව පුරා පැතිර යනවා. නොමිනිසුන් අතර සිය මිනිසත්කම විදහා දැක්වූ මේ පාකිස්ථානුවාගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව නෙත ගැටෙන පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්, ඔහුට පාකිස්ථාන පුරවැසියෙකුට පිරිනැමෙන ඉහළම සිවිල් සම්මානය වන, තම්හා ඊ සුජාත් හෙවත් “මම සුජාත පාකිස්ථානුවෙක්“ යන සම්මානය පිරිනැමීමට තීරණය කරනවා.

ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රියන්ත කුමාරගේ ඡායාරූපයක් පළ කරමින්, තවමත් පසුතැවෙන්නෙ ඒ ලතෙත් ශ්‍රේෂ්ඨ පාකිස්ථානුවයි