ඝාතනයට ලක් වූ ප්‍රියන්ත වෙනුවෙන් සොහොයුරුගේ සංවේදී ඉල්ලීම මෙන්න..

Sri Lanka Pakisthan Priyantha Kumara
By Aruna Dec 05, 2021 06:30 AM GMT
Aruna

Aruna

Report

පකිස්ථානයේ දී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික කම්හල් කළමනාකාර ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට අදාළ වීඩියෝ දර්ශන මේ වනවිටත් සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් සංසරණය වෙමින් පවතිනවා.

සිය මුහුණු පොත හරහා වීඩියෝ හඬපටයක් නිකුත් කරමින් , ජීවිතක්ෂයට පත් ප්‍රියන්ත කුමාර මහතාගේ සහෝදරයා ජනමාධ්‍ය සහ සමාජ ජාලා මාධ්‍ය හසුරුවන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ, තම සොහොයුරා ඝාතනය වූ අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සංසරණය වීම වළක්වන ලෙසටයි.

එලෙස සමාජ මාධ්‍ය ජාලා හරහා සිය සොහොයුරාගේ ඝාතනයේ වීඩියෝ දර්ශන සංසරණය වීම මගින් සිය පවුලටත්, විශේෂයෙන්ම ඔහුගේ දරු දෙදෙනා සහ බිරිඳට ඉන් ඇතිවන හානිය සහ මානසික පීඩනය දරුණු බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ හේතුවෙන් දැනටමත් සංසරණය වෙමින් පවතින එම වීඩියෝ දර්ශන වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට ප්‍රියන්ත කුමාර මහතාගේ සොහොයුරු සමාජ මාධ්‍ය ජාලා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින අතර, එම සිද්ධියට අදාළ කිසිදු දර්ශනයක් ජනමාධ්‍ය තුළින් හෝ ප්‍රචාරණය නොකරන ලෙසටයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now