රනිල්ගෙන් දැඩි තීරණයක් - විපක්ෂයේ සියලු පක්ෂවලට විශේෂ දැනුම්දීමක්

Report

පැලවත්ත (ජාතික ජන බලවේගය) හැර අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ එකඟතාවයකට පැමිණ පොදු රාමුවක් යටතේ එක්ව වැඩකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පිටකෝට්ටේ පිහිටි 'සිරිකොත' එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ආයෙත් යකා නටයි - ලෝක ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන තුනකට ෂොට් එක - ලෝකයට ඇත්ත හෙළි කරන මාධ්‍යට කරපු වැඩක්

ඩොනල්ඩ් ට්‍රම්ප් ආයෙත් යකා නටයි - ලෝක ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන තුනකට ෂොට් එක - ලෝකයට ඇත්ත හෙළි කරන මාධ්‍යට කරපු වැඩක්

වර්තමාන තත්ත්වය හමුවේ ජනතාවගේ ජීවන බර ඉහළ ගොස් ඇති බවත්, ජනතාවට ජීවත්වීම අසීරු වී ඇති බවත් පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, මෙම අභියෝගයට මුහුණදීම සඳහා සියලු පක්ෂ එකට එක්වීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ඒ අනුව සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සියලුම දේශපාලන බලවේග එකඟතාවයකට පැමිණීම සඳහා පුළුල් සාකච්ඡාවක් වහා ආරම්භ කළ යුතු බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර - මේ රාජ්‍ය අංශයෙන් රජයට රතු එළියක්

වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර - මේ රාජ්‍ය අංශයෙන් රජයට රතු එළියක්