රුසියානු සම්බාධක පනතට ට්‍රම්ප් අත්සන් තබයි - ඉන්දියාවටත් 100% දක්වා දැවැන්ත තීරුබදු අවදානමක්

By Malith Madushan Sep 19, 2026 03:46 AM GMT
Report

රුසියානු තෙල් හා ගෑස් මිලදී ගන්නා රටවලට 100% දක්වා තීරුබදු පැනවීමට ඉඩ සලසන නව සම්බාධක පනතකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

ඒ අනුව රුසියානු බලශක්ති ආනයනකරුවන් අතර ප්‍රධාන රටවල් වන ඉන්දියාව සහ චීනයට ද නව තීරුබදු අවදානමක් මතුව තිබේ. ‘Lindsey O. Graham Sanctioning Russia and Iran Act of 2026’ ලෙස නම් කර ඇති මෙම පනත, රුසියාවේ යුක්රේන යුද්ධය සඳහා භාවිත වන මූල්‍ය සම්පත් සීමා කිරීම අරමුණු කරයි. පනත මගින් රුසියානු රාජ්‍ය නිලධාරීන්, බැංකු, බලශක්ති ක්ෂේත්‍රය සහ රුසියාවේ හමුදා මෙහෙයුම්වලට සහාය දක්වන විදේශීය ආයතන ඉලක්ක කරමින් සම්බාධක පැනවීමට බලය ලබා දී තිබේ.

එමෙන්ම රුසියාව සමඟ ව්‍යාපාරික කටයුතුවල නිරත වන රටවලට ද තීරුබදු පැනවීමට ඇමෙරිකානු ජනාධිපතිවරයාට බලය හිමි වේ. ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පනත 262-159ක ඡන්දයකින් සම්මත කිරීමෙන් දින දෙකකට පසු ට්‍රම්ප් එයට අත්සන් තබා තිබේ.

ඉන්දියාවට ඇති බලපෑම පනතේ සංශෝධනයක් මගින් චීනය, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තුර්කිය, සිංගප්පූරුව ඇතුළු රටවල් 10ක් රුසියානු තෙල් හා ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් 100% දක්වා තීරුබදු සඳහා සුදුසු රටවල් ලෙස සඳහන් කිරීමට යෝජනා කර තිබුණි.

කෙසේ වෙතත්, එම සංශෝධනය මගින් ඉන්දියාවට ස්වයංක්‍රීයව 100%ක තීරුබද්දක් පනවා නොමැත. එවැනි තීරුබද්දක් පැනවීම සම්බන්ධ අවසන් තීරණය ඇමෙරිකානු ජනාධිපතිවරයා සතු වේ.

මිලි තත්පරයකින් පාලන පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙයි - ගුවන් ගමන් 2,000කට වැඩිය අවලංගු කරමින් මුළු අහසම අඩපණ වූ හේතුව

මිලි තත්පරයකින් පාලන පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙයි - ගුවන් ගමන් 2,000කට වැඩිය අවලංගු කරමින් මුළු අහසම අඩපණ වූ හේතුව

ඉන්දියාවට 100%ක තීරුබද්දක් පැනවුවහොත්, එය දැනට පවතින තීරුබදු සමඟ එකතු විය හැකි බැවින් ඉන්දියානු අපනයන සඳහා සැලකිය යුතු බලපෑමක් ඇති විය හැකිය. කෙසේ වෙතත්, නිශ්චිත බලපෑම තීරණය කළ හැක්කේ ඇමෙරිකාව නව තීරුබදු අනුපාත ප්‍රකාශ කිරීමෙන් පසුවය.

ඉන්දියාවේ ප්‍රතිචාරය රුසියානු සම්බාධක පනත සම්බන්ධයෙන් ඉන්දියාව පවසා ඇත්තේ තම වෙළෙඳ හා ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමට සූදානම් බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ බිලියන 1.4කට ආසන්න ජනගහනයක බලශක්ති අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා ඉන්දියාව අඛණ්ඩව කටයුතු කරන බවයි.

රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකානු නිලධාරීන් සමඟ පසුගිය මාස කිහිපය තුළ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැති බවත්, එම වෙළෙඳ කටයුතු ඉන්දියා-ඇමෙරිකා සබඳතාවලට මෙන්ම ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළට ඇති කළ හැකි බලපෑම් පිළිබඳව ඉන්දියාව සිය ස්ථාවරය පැහැදිලි කර ඇති බවත් අමාත්‍යාංශය පවසා තිබේ.

මේ අතර, ඇමෙරිකානු කොංග්‍රසයේ ඇතැම් රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් නව තීරුබදු බලතල පනතට ඇතුළත් කිරීම පිළිබඳව පෞද්ගලිකව කනස්සල්ල පළ කළ බව CNN වාර්තා කර තිබේ. එවැනි තීරුබදු හේතුවෙන් භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යා හැකි බවට ඔවුන් අනතුරු අඟවා ඇති බව එම වාර්තාව සඳහන් කරයි. 

“iPhone 300ක් නොමිලේ දෙන්න හදන පන්ජාබ් ව්‍යපාරිකයා” - හැබැයි iPhone 17 හෝ ඊට ඉහළ මාදිලි පමණයි

“iPhone 300ක් නොමිලේ දෙන්න හදන පන්ජාබ් ව්‍යපාරිකයා” - හැබැයි iPhone 17 හෝ ඊට ඉහළ මාදිලි පමණයි