AC නැතුවත් ගෙදර සිසිලස රැකගන්න ලංකාවෙන් එක්සත් ජාතීන්ට අලුත් යෝජනාවක්

Report

වායුසමීකරණ යන්ත්‍ර මත රඳා පැවතීම අවම කර කාබන් විමෝචනය අඩු කිරීම සඳහා සාම්ප්‍රදායික සහ නවීන නිෂ්ක්‍රීය සිසිලන ක්‍රම (Passive Cooling) වැඩි වශයෙන් භාවිත කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර තිබේ.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සහ Cool Coalition සංවිධානය විසින් සැප්තැම්බර් 15 සිට 18 දක්වා පැවැත්වූ 2026 ගෝලීය සිසිලන ප්‍රතිඥා සමුළුවේදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

සමුළුවට සහභාගී වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කර ඇත්තේ, වායුසමීකරණ යන්ත්‍ර අධික ලෙස භාවිත නොකර නිවාස සහ වාණිජ ගොඩනැගිලිවල අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 23ත් 25ත් අතර මට්ටමක පවත්වා ගැනීමට නිෂ්ක්‍රීය සිසිලන ක්‍රම උපකාරී වන බවයි.

අද මේ ප්‍රදේශ සැළකිලිමත් වෙන්න - අද සවසේ 2 සිට - ඉදිරි දින කිහිපයේ වෙන්න යනදේ

අද මේ ප්‍රදේශ සැළකිලිමත් වෙන්න - අද සවසේ 2 සිට - ඉදිරි දින කිහිපයේ වෙන්න යනදේ

ශ්‍රී ලංකාවේ දේශීය තත්ත්වයන්ට ගැළපෙන ප්‍රායෝගික ක්‍රියාමාර්ග ඔස්සේ මෙම සිසිලන ක්‍රම හඳුන්වා දීමේ අවශ්‍යතාව ද ශ්‍රී ලංකා නියෝජිත පිරිස අවධාරණය කර තිබේ.

කාබන් විමෝචනය අවම කිරීම සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් ඇතිවන බලපෑම්වලට මුහුණ දීම සඳහා ජාතික සිසිලන ප්‍රතිපත්තියක් සකස් කිරීමට සැලසුම් කර ඇති බව ද ශ්‍රී ලංකාව සමුළුවේදී පෙන්වා දී ඇත.

අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන අභියෝගවලට විසඳුම් සෙවීම සහ පරිසර හිතකාමී සිසිලන පද්ධති ප්‍රවර්ධනය කිරීම මෙවර සමුළුවේ ප්‍රධාන අවධානයට ලක්විය.

දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා නිෂ්ක්‍රීය සිසිලන ක්‍රම ප්‍රවර්ධනය කිරීම වැදගත් පියවරක් වනු ඇතැයි ශ්‍රී ලංකාව අවධාරණය කර තිබේ.

දුම්රිය ඉතිහාසයේ අසාර්ථකම වර්ජනය මෙයයි - රටෙන්ම කතා අහපු පැය 48ක දුම්රිය වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

දුම්රිය ඉතිහාසයේ අසාර්ථකම වර්ජනය මෙයයි - රටෙන්ම කතා අහපු පැය 48ක දුම්රිය වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්