සමාජ මාධ්‍යයේ පැතිරෙන ලැයිස්තුවක් ගැන පාරිභෝගික අධිකාරියෙන් පැහැදිලි කිරීමක්

Report

සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වන FBC, FBS, Lipid Profile, LFT, Dengue NS1, CT, MRI සහ DEXA ඇතුළු වෛද්‍ය පරීක්ෂණ රැසක මිල ගණන් සඳහන් දැන්වීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද්දක් නොවන බව එම අධිකාරිය දැනුම් දෙයි.

එම සංසරණය වන ව්‍යාජ ලැයිස්තුවේ සඳහන් මිල ගණන්, අධිකාරිය මඟින් ගැසට් පත්‍ර මඟින් නියම කරන ලද උපරිම ගාස්තු ලෙස වැරදි අවබෝධයක් ඇති කර නොගන්නා ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

My Car My Petrol කියලා කිව්වට එහෙම මහ පාරේ යන්න බෑ - වාහන සඳහා නීති රැසක් ඇමති බිමල්ගෙන්

My Car My Petrol කියලා කිව්වට එහෙම මහ පාරේ යන්න බෑ - වාහන සඳහා නීති රැසක් ඇමති බිමල්ගෙන්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් නිල වශයෙන් ගැසට් මඟින් නියම කර ඇත්තේ පරීක්ෂණ කිහිපයකට අදාළ උපරිම ගාස්තු පමණි. ඒ අනුව 2020.07.29 දිනැති අංක 2186/17 අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව සම්පූර්ණ රුධිර ගණන පරීක්ෂණය සඳහා උපරිම ගාස්තුව රුපියල් 400ක් වන අතර ඩෙංගු NS1 ප්‍රතිදේහජනක පරීක්ෂණය සඳහා උපරිම ගාස්තුව රුපියල් 1,200කි.

එසේම 2021.08.12 දිනැති අංක 2240/30 අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් COVID-19 PCR පරීක්ෂණයක් සඳහා උපරිම ගාස්තුව රුපියල් 6,500ක් ලෙසත්, Rapid Antigen Test පරීක්ෂණයක් සඳහා උපරිම ගාස්තුව රුපියල් 2,000ක් ලෙසත් නියම කර ඇත.

ශ්‍රී ලංකා - එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ

ශ්‍රී ලංකා - එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ

එබැවින් නිල වශයෙන් නියම කර ඇති අදාළ සීමාවන්ට යටත්ව පමණක් සේවාවන් ලබාගන්නා ලෙසත්, සමාජ මාධ්‍යවල පළවන ව්‍යාජ සටහන්වලට නොරැවටෙන ලෙසත් අධිකාරිය වැඩිදුරටත් ජනතාවට අවධාරණය කරයි.