පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන ගැන අය වැයෙන් විශේෂ තීරණයක්..
2024 අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා අද (13) කියා සිටියේ, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත්කිරීමේ නීති රීති සම්මත කළ යුතු බවයි.
NSBM, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT), හොරයිසන් කැම්පස්, රෝයල් ඉන්ස්ටිටියුට් වැනි ආයතන සඳහා එලෙස අවස්ථාව ලැබිය යුතු බවයි, ජනාධිපතිවරයා සඳහන් කළේ.
13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ බලය ලබාදී තිබෙන බවත් ඉදිරියේදී පළාත් සභා මගින් ද විශ්වවිද්‍යාල ආරම්භ කරනු ඇතැයි බලාපොරොත්තුවන බවත් ජනාධිපතිවරයා පැවසීය.