මරණ දණ්ඩනය නියම වූ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක

corona virus sri lanka Hunger stricke Mahara prision
By Sithumi Jun 24, 2021 12:49 PM GMT
Sithumi

Sithumi

Report

මරණ දඩුවම නියම වී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 70 දෙනෙකු ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ අද (24) දහවල් සිට මෙම රැඳවියන් ආහාර වර්ජනයේ නිරත වී සිටින බවය. තමන්ට හිමිව ඇති මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් රැඳවියන් ආහාර වර්ජනයේ නිරතවී සිටින බව සඳහන්ය.

ත්‍රස්තවාදී පනත යටතේ සිරගත කර සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 16 දෙනෙකු ඇතුළු රැඳවියන් 93 දෙ‍නෙකුට අද විශේෂ ජනපති සමාව යටතේ නිදහස ලබාදීමෙන් පසු මහර බන්ධනාගාරයේ රැඳවියන් මෙම ආහාර වර්ජනය ආරම්භ කර තිබේ. 

ReeCha