රැඳවියෙකුට ජංගම දුරකථන දෙන්න ගිය නියාමකට වැඩ වරදී..

Sri Lanka Police Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison
By Aruna Aug 17, 2023 03:37 AM GMT
Aruna

Aruna

Report

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ රැඳවියෙකුට ජංගම දුරකථනයක් ලබා දුන් බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසන්නේ,යාපනය බන්ධනාගාරයේ ස්ථාපිත CCTV පරික්ෂා කිරීමෙන් අනතුරුව මොහු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු ඊයේ (16) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මීට පෙර රාජකාරිය අතරතුර සිදු කල විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් යාපනය බන්ධනාගාරය වෙත මාරු කර යවා සිටි සැකකරු,, අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

එසේම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ReeCha