සජිත්ගේ ආණ්ඩුවේ අගමැති එළියට එයි - කවුරුත්ම හීනෙන්වත් නොසිතූ කෙනෙක්..
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඉඟි පළ කරන්නේ, ඉදිරි ජනාධිපතිවරයන් ජයගෙන සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වූ පසු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිල්ල මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇති බවටයි.
ඔහු මේ බව කියා සිටියේ, මහනුවරදී පවත්වන ලද සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින්ය. රණසිංහ ප්‍රේමදාස මහතාද ජනාධිපතිවරයා බවට පත් වූ පසු කන්ද උඩරටින් අගමැතිවරයෙකු පත් කළ ආකාරයටම සජිත් ප්‍රේමදාස මහතා ද කටයුතු කරනු ඇති බවටත් ඔහු එහිදී කියා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩිම වැඩ කොටසක් කරමින් සිටින්නේ සභා නායකවරයා වශයෙන් කිරිඇල්ල මහතා බවට ද ඔහු තවදුරටත් එහිදී සඳහන් කළේය.
කෙසේ වෙතත් සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම්බණ්ඩාර මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක අග්‍රාමාත්‍ය දුරයට පත්වනු ඇති බවට මත පල වෙනවා.