අගමැතිනි හරිනි අමරසූරියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්.
Supreme Court of Sri Lanka
Harini Amarasuriya
By Wayomi
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.
ඒ රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන විසින්.
ධුරයෙන් ඔහු ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම පෙත්සම ගෙනු කර ඇති අතර මෙම පෙත්සමෙන් පෙන්වා දෙන්නේ තමන් සේවයෙන් ඉවත් කිරීම දේශපාලන අවශ්‍යතාවයක් මත සිදුවූවක් බවයි.
එමෙන්ම උපකුලපති දුරයට නිසි බලධරයකු පත් කිරීමේදී ක‍්‍රියාපටිපාටිය උල්ලංඝනය කර ඇති බවටද පවසන ඔහු මෙය දේශපාලන පළිගැනීමක් බවද පවසනවා.
අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අගමැතිනි හරිනි අමරසූරිය, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේදනය මෙහි වග උත්තරකරුවන් කර ඇත.
පවුල් 9ක් පොර කෑ. - DNA වලින් මව්පියන් සොයාගත් “සුනාමි බේබි”ට අවුරුදු 20යි. - එය දැන් ඉන්න විදිහ බලන්නකෝ. - (PHOTOS)
You May Like This Video