යළි ටයිල් ඇතුළු භාණ්ඩ රැසක මිල ගණන් වැඩි කරයි?..කරන්න යන දේ මෙන්න.

Anura Kumara Dissanayaka Sri Lanka Businessman AKD
By Aruna Oct 25, 2024 07:54 AM GMT
Aruna

Aruna

Report

දේශීය ටයිල් නිෂ්පාදකයන් දෙදෙනකු ආරක්ෂා කිරීම සඳහා ආනයනික ටයිල් මත පනවා ඇති තීරු බදු තවදුරටත් වැඩි කිරීමේ සුදානමක් ඇති බවට ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කර සිටිනවා.

කොළඹ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර රජයෙන් ඉල්ලා සිටියේ එලෙස පාර්ශ්වයන් දෙකක් ආරක්ෂා කිරීම මිලියන 22ක ජනතාවගේ ඉදිකිරීම් සිහිනයට පහර ගැසීමක් බවත් පුද්ගලයන් දෙදෙනකුගේ අභිලාශයන් වෙනුවෙන් ජනතාවගේ එම සිහිනයන් කඩා බිඳ නොදමන ලෙසයි.

හෙට උදේ 7.00 සිට 4.00 දක්වා මේ ප්‍රදේශයට විශේෂයි..

හෙට උදේ 7.00 සිට 4.00 දක්වා මේ ප්‍රදේශයට විශේෂයි..


ලේකම්වරයා සඳහන් කළේ, ආනයනික ටයිල් මත දැනට පනවා ඇති සියයට 130ක බද්දට අමතරව මෙලෙස තවත් තීරු බද්දක් පැනවීමට කටයුතු නොකර ටයිල් මිල අඩු කර පාරිභෝගිකයාට සහන ලබා දීමට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම බලාපොරොත්තු වන බවයි.

"අපේ ව්‍යාපාර අවුරුදු තුනක් විතර වසා දමා තිබුණේ.

වර්තමාන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ සිටියදීත් මේ සම්බන්ධව සාකච්ඡා කළා.

සුද්දො ඇවිත් ආරුගම්බ ප්‍රදේශයේ සිදු කරන ලංකාවට අහිතකර දෙයක් ගැන ආරංචියක්..

සුද්දො ඇවිත් ආරුගම්බ ප්‍රදේශයේ සිදු කරන ලංකාවට අහිතකර දෙයක් ගැන ආරංචියක්..


අපි මේ බදු ගෙවන්නේ ලංකාවේ දෙන්නෙක්ව ආරක්ෂා කරන්න. පාරිභෝගිකයකුට ගොඩක් අඩුවෙන් ටයිල් එකක් දෙන්න පුළුවන්.

මේ තීරු බදු වැඩි කරන්නේ ඒගොල්ලන්ගේ ලාභය වැඩි කරගන්න."