හෙට උදේ 7.00 සිට 4.00 දක්වා මේ ප්‍රදේශයට විශේෂයි..
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අවශ්‍ය සියලුම මැතිවරණ නිලධාරීන්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් උපකරණ අද දින ඡන්ද මධ්‍යස්ථාන වෙත ගෙන යන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ඡන්ද මධ්‍යස්ථාන 48 කදී ඡන්ද දායකයින් 55,643 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර 2018 වර්ෂය සඳහා ඡන්ද හිමි නාමලේඛනයට අනුව ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය හෙට (ඔක්තෝබර් 26) පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා පැවැත්වේ.
මැතිවරණයට අවශ්‍ය සියලු ආරක්ෂක විධිවිධාන මේ වනවිටත් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.