එක් වර්ගයක් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදන වල මිල ඉහළ යයි...

Sri Lanka Bakery product
By Aruna Jun 15, 2021 05:36 AM GMT
Report

 පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ බේකරි හිමියන් විසින් අදාළ මිල ඉහළ දැමීම සිදුකර ඇති බවය.

ඒ අනුව මාළු පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන රුපියල් 5ත් 10 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

මීට අමතරව බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා පිටි හැර අනෙකුත් පිටි වර්ගවල මිල ද ඉහළ දමා ඇති බව එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now