ලංකාව ඉන්දියාවෙන් ඉල්ලන් කයි වගේ - බේරෙනවා බොරු

Report

ශ්‍රී ලංකාවෙන් නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් තමිල්නාඩු ප්‍රාන්තයට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයන් තිදෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙම අත්අඩංගුව සිදු වූයේ ශ්‍රී ලංකා වෙරළට ආසන්නව ඇති ධනුෂ්කොඩි ප්‍රදේශයේදී බවයි. එම ස්ථානය නීතිවිරෝධී මානව රැදවීම් හා ජාවාරම් සිදුවන ප්‍රධාන මාර්ගයක් ලෙස සැලකෙයි.

ඇමති සුනිල් හඳුන්නෙත්තිට ඉංග්‍රීසි බැරිද ? සමුළුවට ගිහින් මොකක්ද කරගත්තේ ?

ඇමති සුනිල් හඳුන්නෙත්තිට ඉංග්‍රීසි බැරිද ? සමුළුවට ගිහින් මොකක්ද කරගත්තේ ?

ඊයේ (28) දිනයේදී ලැබුණු විශේෂ තොරතුරක් මත ක්‍රියාත්මක වූ සෝදිසි මෙහෙයුමකින් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත. වාර්තා අනුව අත්අඩංගුවට ලක්වූවන්ගෙන් දෙදෙනෙකු සිංහල ජාතිකයින් වන අතර, තෙවැනි පුද්ගලයා දෙමළ ජාතිකයෙකි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

මෙම තිදෙනාගෙන් එක් අයෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධව සිදු වූ නඩුවකදී ඇප මත නිදහස් වූ පුද්ගලයෙකු වන අතර, අනෙක් දෙදෙනාටද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අපරාධ වාර්තා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් තිදෙනාම රුපියල් ලක්ෂ 02 බැගින් ගෙවා පසුගිය සිකුරාදා රාත්‍රීයේදී ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති අතර, අලුයම 4.00ට පමණ තමිල්නාඩු වෙරට ළඟා වී, අනෙක් රටකට පලා යාමට සැලසුම් කර තිබූ බවත් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය පවසයි.

මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව වැඩිදුර විමර්ශන සඳහා මණ්ඩපම්හි පිහිටි රාජ්‍ය සමුද්‍ර පොලීසියට භාර දී ඇති බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.