කාන්තාවන් 30ක් දාලා ඊශ්‍රායලයෙන් ටෙහෙරානයට දැඩි ප්‍රහාරයක්
ඊශ්‍රායලය “Operation Lion's Roar” යටතේ, ටෙහෙරාන් අගනුවර වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර, මෙම මෙහෙයුම සඳහා කාන්තාවන් 30 දෙනෙකු සමඟ ගුවන් නියමුවරියන් සහ කාර්ය මණ්ඩලයක් ඇතුළත්වූ බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අමෙරිකාව “Operation Epic Fury” යටතේ, USS ABRAHAM LINCOLN ප්‍රහාරක නෞකාව සහ ගුවන් හා නාවික හමුදා සම්පත් යොදා, ඉරානයට ප්‍රහාර එල්ල කර තිබේ.
එමෙන්ම විශාල බෝම්බ හෙළන B-1 යානා ද බැලැස්ටික් මිසයිල මරමස්ථානයන් විනාශ කිරීම සඳහා මෙහෙයුමට පිටත්ව ගිය බවත් වාර්තා වේ.
මෙම ප්‍රහාර හේතුවෙන් ඉරානයේ නාවික හමුදාවට අයත් නෞකා කිහිපයක් විනාශ වී ඇති අතර, ටෙහෙරාන්හි පොලිස් මුලස්ථාන ගොඩනැගිල්ලක්ද විනාශ වී තිබේ.
කෙසේ වෙතත්,මෙය අවසානයක් නොමැති යුද්ධයක් නොවන බවයි.ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙටන්යාහු පවසයි.