දිට්වා සුළි කුණාටු ආධාර නිසි ලෙස බෙදාහැරීමට ජනාධිපති කමිටුව යටතේ අනුකමිටුවක්

Report

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන් වෙත ලැබෙන සියලුම විදේශ ආධාර හා දේශීය පරිත්‍යාග නිසි, විනිවිදභාවයෙන් යුතුව කළමනාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ විශේෂ අනුකමිටු පත්කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අද ප්‍රකාශ කළේය.

ආපදා කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති අතර, එහිදී පහත කරුණු විශේෂයෙන් සාකච්ඡාවට භාජනය විය:

ආපදා කඳවුරුවල සිටින ළමුන්ගේ කිසිදු තොරතුරක් පිටස්තර පුද්ගලයින්ට ලබා දෙන්න එපා

ආපදා කඳවුරුවල සිටින ළමුන්ගේ කිසිදු තොරතුරක් පිටස්තර පුද්ගලයින්ට ලබා දෙන්න එපා

  • ලැබෙන සියලුම විදේශ හා දේශීය ආධාර එකම ඩිජිටල් දත්ත පද්ධතියකට ඇතුළත් කිරීම
  • ආධාරවල වත්මන් තත්ත්වය (ලැබුණු, බෙදාහැරූ, ඉතිරිව ඇති) පිළිබඳ තත්‍යකාලීන වාර්තාකරණය
  • ආධාර සෘජුවම ආපදාවට ලක්වූ පුද්ගලයන් හා පවුල් වෙත ලබාදීම
  • වංචා, දුර්වලකම් හෝ අනිසි බෙදාහැරීම් වැළැක්වීමට දැඩි අභ්‍යන්තර විගණන යාන්ත්‍රණයක්

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ආපදා කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ සභාපතීත්වය යටතේ ක්‍රියාත්මක වන අතර, එහි සාමාජිකයන් 8 දෙනෙකු සිටිති.

"ජනාධිපතිතුමාගේ උපදෙස් මත පත්කළ මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ තමයි ලැබෙන එක රුපියලක්, එක ආහාර පාර්සලක් හෝ එක රෙදිපිළි කැබැල්ලක් වුණත් ඒක ඇත්තටම විපතට පත් අයට ලැබෙනවා කියලා සහතික කිරීම. කිසිම අතරමැදියෙකුට හෝ දුෂණ ක්‍රියාවලට මේ ආධාර කොල්ලකන්න ඉඩක් දෙන්නේ නැහැ"

යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය රස පරීක්ෂක වාර්තා ඉක්මනින් ලබාදීමට නව ක්‍රමවේදයක්

මත්ද්‍රව්‍ය රස පරීක්ෂක වාර්තා ඉක්මනින් ලබාදීමට නව ක්‍රමවේදයක්

මේ වන විට ලැබී ඇති විදේශ ආධාර මෙන්ම දේශීය පරිත්‍යාගද මෙම දත්ත පද්ධතියට ඇතුළත් කරමින් සිටින බවත්, ඉදිරි දින කිහිපය තුළ ජනතාවට එම තොරතුරු විනිවිදභාවයෙන් ප්‍රසිද්ධ කරන බවත් ඔහු සඳහන් කළේය.

ආපදාවට ලක්වූ ජනතාවට සහනය ලබාදීමින් තිබෙන මෙම ක්‍රියාවලියේ විශ්වාසනීයත්වය තහවුරු කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකාය දැඩි අධීක්ෂණයක නිරතව සිටින බවද නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය.

පාසල් සිසුන්ට සුබ ආරංචියක් - පෙබරවාරියේ සිට සාමාන්‍ය පෙළ සිසුන්ටත්

පාසල් සිසුන්ට සුබ ආරංචියක් - පෙබරවාරියේ සිට සාමාන්‍ය පෙළ සිසුන්ටත්