සැමි­යාගේ මර­ණය ගැන සැක­යක් නෑ රංගගේ බිරි­ය­ කියයි

Report

සිය සැමි­යාගේ මර­ණය සම්බ­න්ධ­යෙන් තමාට සැක­යක් නොමැති බවත් උදය ගම්ම­න්පිල මහතා ඇතුළු විවිධ පුද්ග­ල­යන් සහ මාධ්‍ය මඟින් මේ සම්බ­න්ධ­යෙන් විවිධ අද­හස් ප්‍රකාශ කරන බැවින් තමා­ටත් දරු­ව­න්ටත් හිතට සැන­සි­ල්ලක් නොමැති බවත් සඳ­හන් කර­මින් මහා භාණ්ඩා­ගා­රයේ විදේශ සම්පත් ‍ දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර අධ්‍යක්ෂ ලෙස සේවය කළ රංග නිශාන්ත රාජ­පක්ෂ මහතා‍ගේ බිරිය කුලි­යා­පි­ටිය පොලී­සි­යට පැමි­ණි­ල්ලක් කර තිබේ .

මෙම පැමි­ණිල්ල සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් පව­ත්වන බවත් අධි­ක­ර­ණ­යට ද කරුණු වාර්තා කිරී­මට පිය­වර ගන්නා බව වයඹ පළාත් භාර ‍ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කර තිබේ .

රංග නිශාන්ත රාජ­පක්ෂ මහතා‍ගේ මර­ණය සැක බව උදය ගම්ම­න්පිල මහතා කර ඇති ප්‍රකා­ශ­යක් සම්බ­න්ධ­යෙන්ද කුලි­යා­පි­ටිය පොලී­සිය විම­ර්ශ­න­යක් මේ වන විට

ආර­ම්භ­කර තිබේ.

දුර්වල පන්ති කාමර ක්‍රියාකාරිත්වය පෙනීමේ ගැටළු වලට සම්බන්ධ වෙන්න පුලුවන් නවතම අනාවරණය මෙන්න

දුර්වල පන්ති කාමර ක්‍රියාකාරිත්වය පෙනීමේ ගැටළු වලට සම්බන්ධ වෙන්න පුලුවන් නවතම අනාවරණය මෙන්න