පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුරු වෙන්න පුලුවන් ද?. පොහොට්ටුව ඇතුළෙන්ම කීව දෙය මෙන්න..
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නුදුරේදීම වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පොදුජන පෙරමුණේ මීරිගම ආසන සම්මේලනයට එක්වෙමින් ය.
අද (30) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීරිගම ආසන සම්මේලනය පැවැත්වුණේ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ය.
මේ අතර, සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වෙනවා යැයි ප්‍රකාශ කෙරුණු මන්ත්‍රීවරුන් 25දෙනා ලබන මස 15 වැනිදාට පෙර සම්බන්ධ කරගන්නා ලෙසට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයාට පසුගිය සතියේදී නැවතත් දැනුම්දී ඇති බව වාර්තා වීය.
නමුත් එසේ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයාට දන්වා ඇති බව මින් පෙර ආරංචි මාර්ග සඳහන් කළේ ය.