ජනතාව සතුටු කරමින් විදුලි බිලට සිදුවන දේ ජනපති කියයි..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, ඉදිරි වසර කිහිපය තුළ විදුලි ගාස්තු සැලකියයුතු ප්‍රමාණයකින් අඩුකිරීම රජයේ අපේක්ෂාව බවයි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී, ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ.

අද (29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වුණි.

වත්මන් පාලනය යටතේ ඉදිරි වසර 3 තුළ සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී තිබේ.

මෙහිදී වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් එකඟතාව පළ කර ඇත්තේ කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සහාය ලබාදෙන බවටය.

ඔන්න සුභම සුභ ආරංචියක්.. රජයෙන් විශේෂ දීමනාවක් ඉහලට.. ලැබෙන පිරිස අතර ඔබත් ඉන්නවද

ඔන්න සුභම සුභ ආරංචියක්.. රජයෙන් විශේෂ දීමනාවක් ඉහලට.. ලැබෙන පිරිස අතර ඔබත් ඉන්නවද