මරණීය දණ්ඩනයට අත්සන් තැබීම ගැන ජනපති ගත් විශේෂ තීරණය

Report

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකරන බවට රජය විසින් ගෙන තිබෙන ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අද (31) පැවසීය.මේ බව ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවා තිබූ පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් ඒ බව සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටින විත්තිකරුවන් 04 දෙනෙකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 වසරේදී තීරණයක් ගෙන තිබුණි.

එම තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු දැක්වීම සිදුවිය.

විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවා තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now