ජනපති අනුරගේ ගේ මව රෝහලේ. - බලන්න ජනපති ගිය හැටි."සාමාන්‍ය විදියට පැයක විතර කාලයක් යනවා මේ අම්මවා වාට්ටුවට ඇතුළත් කර ගන්න"- (PHOTOS)

Anura Kumara Dissanayaka AKD
By Wayomi Dec 22, 2024 03:34 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක පෙරේදා (20) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින සිය මව බැලීමට පැමිණ තිබෙනවා.

කිසිවෙකුට හෝ නොදන්වා ජනාධිපතිවරයා මෙලෙස සිය මවගේ සුවදුක් බැලීමට ගොස් ඇති අතර, ඔහුගේ හදිසි පැමිණීම ගැන රෝහල් කාර්ය මණ්ඩලය හෝ නොදැන සිටි බව වාර්තා වන්නේ.

ඔහුගේ මව මේ වනවිට සතියකට ආසන්න කාලයක සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

"දෙසැම්බර් 13 වෙනිදා අනුරාධපුර මහ රොහලට ඇතුළත් වෙන්න එක මවක් එනවා.සාමාන්‍ය විදියට පැයක විතර කාලයක් යනවා මේ අම්මවා වාට්ටුවට ඇතුළත් කර ගන්න.

ඒ අවස්ථාවේ රෝහලේ වෛද්‍ය වරුන්ට මේ අම්මගේ මූණ තමන්ට හුගක් හුරු පුරුදු බවක් දැනෙනවා.එහිදී ඔවුන් ඇයගෙන් සහ ඇය සමග පැමිනි අනිත් කාන්තාවගෙන් ඒ ගැන විමසනවා.

එහිදී ඒ කාන්තාව පවසනවා මේ ඉන්නේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති වරයාගේ මව බව.ඒ අවස්ථාවේ මුලු රෝහල් කාර්‍ය මණ්ඩලයම පුදුම වෙනවා ඒ සිදු වීම ගැන.

ලෝකයේ සමහර රටවල මේක සාමාන්‍ය දෙයක් උනත් ලංකාවේ ඉතිහාසය ගැන හොයලා බැලුවානම් මේ ගැන ඕනම කෙනෙක් පුදුම වේවි.සමහර නිකන්ම ඇමති ලා පවා ජනාධිපති අරමුදලෙන් කෝටි ගණන් අරන් බඩේ අමාරුවටත් ලෝකේ සුපිරිම රෝහල් වල නැවතුන රටක් මේක.ඒ වගේ රටක තමන් රටේ ඉහළම පුරවැසියගේ මව වෙලත් ඇය සාමාන්‍ය රෝහලකට ඇතුළත් වෙනවා විතරක් නෙවෙයි,තමන් කවුද කියලා වත් කියන් නැතුව සාමාන්‍ය කෙනෙක්වගේ ඒ අවස්ථාවේ කටයුතු කරනවා." - (සංජය ප්‍රදීප්ගෙන් උපුටා ගැනීමක්.)" 

සුබ ආරංචියක් . - අස්වැසුම ප්‍රතිලාභී පවුල් වලට අස්වැසුම පෙර තව දීමනාවක්. - අද සිට ගිණුම් වලින් ලබාගත හැකියි.

සුබ ආරංචියක් . - අස්වැසුම ප්‍රතිලාභී පවුල් වලට අස්වැසුම පෙර තව දීමනාවක්. - අද සිට ගිණුම් වලින් ලබාගත හැකියි.


You May Like This Video 

GalleryGalleryGallery
ReeCha