පැයයි ගියේ විරාමෙට බම්බු ගහගන්න කියලා ඉරානෙන් ඊශ්‍රායලට තවත් බිහිසුණු ප්‍රහාරයක්
ඉරාන - ඊශ්‍රායල යුද්ධය වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය කඩ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මෙහිදී විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන කාලය තුළදී ඉරානයෙන් ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගෙන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අදහස් දක්වා ඇත.
ඒ අනුව ඔහු පවසා ඇත්තේ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් ඉරානය සිදුකළ පහරදීමට විරුද්ධව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානමින් සිටින බවයි. එසේම තවදුරටත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අදහස් දක්වා ඇත.
එහිදී ඉරානය මඟින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමට විරුද්ධව බලගතු ප්‍රචාරයක් දක්වන ලෙස තමන් ඊශ්‍රායල හමුදාවට උපදෙස් ලබා දුන් බව ඔහු ප්‍රකාශ කරයි.
