ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ලොක්කෙක් මරුට

Report

ඉරානයේ විදුලිබල උත්පාදන ඒජන්සිය වන තවනිර් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

තවනිර් හි ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනියක වන ආචාර්ය නෙඩා රෆීයි පර්සා "රාජකාරියේ යෙදී සිටියදී" මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඊශ්‍රායලයේ මිසයිල ඉවරයි - වහාම දෙන්නයි ඇමරිකාවෙන් ඉල්ලයි

ඊශ්‍රායලයේ මිසයිල ඉවරයි - වහාම දෙන්නයි ඇමරිකාවෙන් ඉල්ලයි

විදුලිබල ඒජන්සියේ දත්ත සහ සංඛ්‍යාලේඛන අධීක්ෂණය කිරීමේ වගකීම දැරූ පර්සාගේ මරණය පිළිබඳ වැඩිදුර තොරතුරු මේ වන තෙක් ඉරාන මාධ්‍ය වාර්තා කර නොමැත.

සටන් විරාමය ක්‍රියාත්මකයි – කඩ නොකරන්නැයි ට්‍රම්ප්ගෙන් දැඩි ඉල්ලීමක්

සටන් විරාමය ක්‍රියාත්මකයි – කඩ නොකරන්නැයි ට්‍රම්ප්ගෙන් දැඩි ඉල්ලීමක්

මේ අතර යුද්ධය අවසන් කර ඊශ්‍රායලය නැවත ගොඩනැගීම ආරම්භ කළ යුතු බව ඊශ්‍රායලයේ විපක්ෂ නායක යාහිර් ලැපිඩ් මහතා පැවසීය.

ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත සමග සිදුකළ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දීමට කටයුතු කරන ලෙසය.

මේ අතර ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් දකුණු ලෙබනනයේ තිනෙකෙු මියගොස් තිබේ. මෝටර් රථයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.