අපි ගැහුවේ නෑ, මේක කුමන්ත්‍රණයක් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර ගැහුව චෝදනාව ඉරානය දැඩිව ප්‍රතික්ෂේප කරයි

Report

සටන් විරාම ගිවිසුම තබා සුළු මොහොතකින්ම එය ඉරානය කඩ කර ඇති බවට කරන චෝදනාව ඉරානය ප්‍රතික්ෂේප කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ ඉරාන සන්නද්ධ හමුදාවේ ජෙනරාල් කාර්ය මණ්ඩලය, රාජ්‍ය මාධ්‍ය හරහා නිකුත් කළ කෙටි ප්‍රකාශයකින්.

පැයයි ගියේ විරාමෙට බම්බු ගහගන්න කියලා ඉරානෙන් ඊශ්‍රායලට තවත් බිහිසුණු ප්‍රහාරයක්

පැයයි ගියේ විරාමෙට බම්බු ගහගන්න කියලා ඉරානෙන් ඊශ්‍රායලට තවත් බිහිසුණු ප්‍රහාරයක්

ඒ අනුව පසුගිය පැය කිහිපය තුළ ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කළ බවට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව සඳහන් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන කාලය තුළදී ඉරානයෙන් ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගෙන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බවයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා තිබුණේ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් ඉරානය සිදුකළ පහරදීමට විරුද්ධව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානම් බවයි.

එසේම ඉරානය මඟින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමට විරුද්ධව බලගතු ප්‍රචාරයක් දක්වන ලෙස තමන් ඊශ්‍රායල හමුදාවට උපදෙස් ලබා දුන් බව ද ඔහු ප්‍රකාශ කර තිබුණා.

න්‍යෂ්ටික අවි හදන්න කළින් මුලින් අපි එක්ක හැප්පෙන්න වෙයි ඉරානෙට ඇමෙරිකාවෙන් තවත් තර්ජනයක්

න්‍යෂ්ටික අවි හදන්න කළින් මුලින් අපි එක්ක හැප්පෙන්න වෙයි ඉරානෙට ඇමෙරිකාවෙන් තවත් තර්ජනයක්