මාලිමාව දිනුම් පාලන ආයතන 200ක බලය අල්ලලා ඉවරයි

Report

පළාත් පාලන ආයතන 200ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය මේ වනවිට සමත්ව තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ‘සැඟවුණු ආශිර්වාදය’ – හරක් කටාගේ ජාවාරම නැවතී නෑ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ‘සැඟවුණු ආශිර්වාදය’ – හරක් කටාගේ ජාවාරම නැවතී නෑ

ඒ තණමල්විල ප්‍රාදේශීය සභාවේ සහ බලංගොඩ නගර සභාවේ බලය හිමිකර ගැනීමත් සමග සෘජුව බලය හිමිවූ ආයතන 151ද ඇතුළුව පළාත් පාලන ආයතන 200ක බලය ජාතික ජන බලවේගය සතුය.

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

ඒ අනුව සමගි ජන බලවේගයට අද (24) දින බලය හිමිවූ ගම්පොළ නගර සභාව සහ බෙන්තොට ප්‍රාදේශීය සභාව සමග ඔවුන්ට හිමිව ඇති සමස්ත පළාත් පාලන ආයතන සංඛ්‍යාව 27කි.

ලැජ්ජයි කෙහෙළියගේ දුවට මාසෙට ලක්ෂ 13ක් ඇවන්ගාඩ් ගිණුමෙන් දීලා

ලැජ්ජයි කෙහෙළියගේ දුවට මාසෙට ලක්ෂ 13ක් ඇවන්ගාඩ් ගිණුමෙන් දීලා

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන 17ක බලය තහවුරු කරගෙන ඇත. මේ අතර පොදුජන පෙරමුණට, ලංකා කම්කරු කොංග්‍රසයට සහ මුස්ලිම් කොංග්‍රසයට පළාත් පාලන ආයතන 3 බැගින් බලය හිමිව තිබේ.

පොදුජන එක්සත් පෙරමුණට එක් පළාත් පාලන ආයතනයක බලය හිමිව ඇති අතර, එක්සත් ජාතික පක්ෂය මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයෙන් කිසිදු ආයතනයක බලය තහවුරු කරගැනීමට සමත්ව නොමැත.

මේ අතර, ස්වාධීන කණ්ඩායම් ඇතුළු සෙසු පක්ෂ කිහිපයක් ද පළාත් පාලන ආයතන 12ක බලය හිමිකර ගෙන තිබේ.