පොලිස් ලොක්කෙක්ගේ එළවලු වගාව නිසා ස්ථානාධිපතිවරුන් කරදරේ

Sri Lanka Police Gossip Today Sinhala news
By Mithu Jun 24, 2025 10:15 AM GMT
Mithu

Mithu

Report

සිය බලය අවභාවිතා කරමින් පොලිස් ලොක්කෙක් කරපු තවත් වැඩක් ගැන තමයි මේ කියන්න සූදානම.

සීතල පළාතක පොලිස් ලොක්කෙකුගේ නිළ නිවස ආසන්නයේ පවත්වාගෙන යන එළවළු වගාවකට දිනපතා අවශ්‍ය කම්කරුවන් ලබා දෙන ලෙස පොලිස් සථානාධිපතිවරුන්ට බල කිරිම හමුවේ එම පොලිස් ලොක්කා භාරයේ සිටින පොලිස් ස්ථානාධිපතිවරුන් දැඩි ලෙස පිඩාවට පත් වී ඇත.

මාලිමාව දිනුම් පාලන ආයතන 200ක බලය අල්ලලා ඉවරයි

මාලිමාව දිනුම් පාලන ආයතන 200ක බලය අල්ලලා ඉවරයි

එම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දීම, උස්සවීම් වලට අවශ්‍ය නිර්දේශ කිරීම් ඇතුලු කාර්ය සාධනයට මුවා වි එම පොලිස් බල ප්‍රදේශයේ වතු අධිකාරිවරුන්ගෙන් දිනපතා කම්කරුවන් 4 දෙනෙකු ලබා ගෙන එම කම්කරුවන් සිව් දෙනාට දිවා ආහාරයට සහ තේ පානයට අවශ්‍ය මුදල් ලබා දී එම කම්කරුවන් සිව් දෙනා පොලිස් ස්ථානයේ ත්‍රිරෝද රථයෙන්ම පොලිස් ලොක්කගේ නිළ නිවස වෙත රැගෙන යා යුතු වෙයි.

එසේම ආපසු දිනපතා පස්වරුවේ එම කම්කරුවන් ඔවුන් පදිංචි නිවස කරා රැගෙන විත් ඇරලවාලන තෙක් ත්‍රිරෝද රථය පොලිස් ලොක්කාගේ නිළ නිවසේ ගාල් කර තැබිම හේතුවෙන් දෛනිකව එම පොලිස් ස්ථානවල රාජකාරි කටයුතු සිදු කරගෙන යෑමටද බාධාවක් වී ඇති බවයි පීඩාවට පත් වී සිටින පොලිස් ස්ථානාධිපතිවරුන් කියා සිටියේ. ඊට අමතරව එළවලු වගාවට අවශ්‍ය පැළ වර්ග, රසායනික පොහොර, කෘමිනාශකද පොලිස් ස්ථානාධිපතිවරුන් ලබා දිය යුතු වේ. එළවලු වගාවේ මුළු ආදායම පොලිස් ලොක්කා විසින් ලබා ගන්නා බවයි පොලිස් ස්ථානාධිපතිවරුන් කියා සිටියේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ‘සැඟවුණු ආශිර්වාදය’ – හරක් කටාගේ ජාවාරම නැවතී නෑ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ‘සැඟවුණු ආශිර්වාදය’ – හරක් කටාගේ ජාවාරම නැවතී නෑ

ReeCha