ජනපති අනුර දිවයිනට

Anura Kumara Dissanayaka President of Sri lanka Sinhala news
By Shehan May 06, 2025 11:03 AM GMT
Shehan

Shehan

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, වියට්නාමයේ තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (06) දහවල් වියට්නාම් රජයේ විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්විය.

සංචාරයේදී ජනාධිපති දිසානායක මහතා, වියට්නාම් ජනාධිපතිවරයා සමඟ නිල සාකච්ඡා පැවැත්වූ අතර, වියට්නාමයේ රාජ්‍ය නායකයින් සමඟ ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳ පුළුල් සාකච්ඡාවලට එක්විය.

මැතිවරණ නීති කඩන්නැයි මං කිවුවෙ නෑ - අගමැතිනි (VIDEO)

මැතිවරණ නීති කඩන්නැයි මං කිවුවෙ නෑ - අගමැතිනි (VIDEO)

එසේම, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් (To Lam) මහතා සමඟ ද සාකච්ඡා පැවැත්විණි.

වසර 55ක දෙරට මිත්‍රත්වය, ජනතාව අතර සමීප සබඳතා සහ සහයෝගීතාවයේ වර්ධනය මෙහිදී අවධාරණය කෙරුණු අතර, ඉදිරියේදී මෙම සබඳතා ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම එකඟ විය.

ජනාධිපතිවරයා වියට්නාමයේ යුද විරු ස්මාරකයට සහ නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපති හෝ චි මිං මහතාගේ සොහොන් ගැබට ගොස් පුෂ්පෝපහාර දැක්වීය.

සංචාරය අතරතුර, ජනාධිපතිවරයා වින්ගෲප් (Vingroup), සන් ගෲප් (Sun Group), එෆ්.පී.ටී. සංස්ථාව (FPT Corporation), සොවිකො (SOVICO) සහ රොක්ස් (ROX) ඇතුළු වියට්නාමයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡාවලට එක්විය.

මහින්දානන්ද, ශෂීන්ද්‍ර දෙන්නම අත්අඩංගුවට..?

මහින්දානන්ද, ශෂීන්ද්‍ර දෙන්නම අත්අඩංගුවට..?

එසේම, අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථානවලින් එකක් වන බායි ඩිං (Bai Dinh) විහාරස්ථානයේ අභිනව බෝධි ප්‍රාකාරය ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, දෙරටේ බෞද්ධ සබඳතා තහවුරු කරමින් ප්‍රධාන දේශනය පැවැත්වීය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද මෙම සංචාරයට සහභාගී විය.

ReeCha