ජනාධිපති අද ජාතිය අමතයි - මුලු රටම වැසීමේ තීරණය අද දැනුම් දේ..?

By Sewvandhi Aug 20, 2021 01:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ආර්ථික තත්ත්වය සහ රට වසා දැමීම සම්බන්ධ ස්ථාවරය ජනාධිපතිවරයා සඳහන් කරන බව වාර්තා වේ.

එනම් කොවිඩ් 19 වැළැක්වීමේ කාර්ය සාධක බලකායේ තීරණාත්මක රැස්වීමක් අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ආරංචි මාර්ග පවසන්නේ ලොක්ඩවුන් කිරීම සම්බන්ධව අවසන් තීරණය අද සවස පැමිණ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ..

මීට පෙර ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ප්‍රකාශයක් කර තිබුණි. එනම් එතුමා සඳහන් කර තිබුණේ ,

ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට සම්පූර්ණයෙන් වසා දැමීමට සැලසුම් කරන බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තා පළවී තිබේ. රට සති කිහිපයකට හෝ වසා තබන ලෙස මල්වතු – අස්ගිරි පාර්ශවවල මහ නාහිමිවරුන්, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ඇතුළු පාර්ශව රැසක් ඉල්ලීම් කර ඇත.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, රට වසා දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.

මේ අතර, මේ සම්බන්ධයෙන් අපි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතාගෙන් ද විමසීමක් කළෙමු. ඔහු ප්‍රකාශ කළේ, රට වසා දැමීමක් ගැන ආරංචි පැවතිය ද, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තීන්දුවක් ගෙන නොමැති අතර නිල ප්‍රකාශයක් ද කර නොමැති බවය.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිත බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එවැන්නක් සම්බන්ධයෙන් ද මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බවය.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසක් ජනතාව සහ පළාත් පාලන ආයතන විසින් ස්වයං හුදෙකලාභාවයට පත්කර තිබේ. යන්නයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


 

ReeCha