පෙරපාසල් ගුරුවරුන්ට ලැබුණ සුපිරි අවස්ථාවක් මෙන්න.

Sri Lanka Piyal Nishantha Pree school teacher Pree school diploma
By Aruna Oct 07, 2021 01:12 AM GMT
Aruna

Aruna

Report

බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහය යටතේ පෙරපාසල් ගුරුවරු 1500කට විශ්වවිද්‍යාල හතරකින් ඩිප්ලෝමා පාඨමාලා ලබාදීමට හැකි වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවැසුවේය.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මෙසේ කීවේය. ඒ මහතා මෙසේද කීය.

බි්‍රතාන්‍ය රජයේ අනුග්‍රහය යටතේ පෙරපාසල් ගුරුවරු 1500කට විශ්වවිද්‍යාල හතරකින් ඩිප්ලෝමා පාඨමාලා ලබාදීම ආරම්භ කිරීමට හැකිවූවා.

පෙරපාසල් දරුවන් වෙනුවෙන්ද රූපවාහිනි නාළිකා 02ක් වෙන් කිරීම පිළිබඳව සාකච්ඡා ඇරැඹීමටද හැකිවූවා.

දරුවන් ඉලක්ක කරගනිමින් විශේෂ වැඩසටහන් මාලාවක් මෙම මස 01 සිට 30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

එම වැඩසටහන් මාලාවෙන් දරුවන් පරිසරයට දක්වන බැඳීම වැඩි කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වනවා.

එතුළින් පරිසර හිතකාමී අනාගත පරපුරක් අපේක්ෂා කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා.

කොවිඩ් වසංගතය දරුවන්ගේ සහ මවුපියන්ගේ මානසික තත්ත්වයට කර ඇති අයහපත් බලපෑම් සහගත තත්ත්වය හැකිතාක් දුරට අවම කර ගැනීමේ අපේක්ෂාවෙන් සෞන්දර්යාත්මක වැඩසටහන් කෙරෙහි යොමු කිරීමේ අවශ්‍යතාව තිබෙනවා.

ඉහත අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා ‘අම්මාවරුනේ’ නමින් විශේෂ රසවින්දනාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩකටයුතු ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

ළමා හිංසනය හා අපයෝජනය පූර්ණකාලීනව නතර කිරීම සඳහා ජනාධිපතිගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙළ යටතේ විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මකයි.

ගෘහ සේවයට දරුවන් යොදා ගැනීමේ ගැටලුවට විසඳුමක් වශයෙන් ගෘහ සේවයේට යෙදෙන පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළදී ලියාපදිංචිය අනිවාර්ය කර විධිමත් නියාමනයකට යටත් කිරීමට අපේක්ෂා කරනවා.

ජනාධිපතිගේ නායකත්වය යටතේ කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියාත්මක කර විශේෂ වැඩසටහන් මාලාවන් ඔස්සේ දරුවන්ට යහපත් හෙට දවසක් උදා කිරීමට රජය කැපවෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha