ක්‍රිකට් වැරදි කියන්න ප්‍රමෝද්‍ය විශේෂ විමර්ශන ඒකකයට..

Roshan Ranasinghe Cricket Sri Lanka Cricket Sri Lanka
By Hashini Nov 17, 2023 09:38 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම්දී ඇත්තේ තේරීම් කමිටු සභාපතිවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසයි.

පසුගිය 13වනදා ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ආන්දෝලනාත්මක කරුණු රැසක් ඇතුළත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

එම නිවේදනයේ තරඟ පවාදීමේ සූදුවේ නිරත පිරිස් ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැට්ටවීමට උත්සාහ දැරූ බව සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයන් ගෙන යාමට ඇතැම් පිරිස් විශාල වශයෙන මුදල් ආයෝජනය කළ බව සඳහන් වනවා.

ක්‍රිකට් වැරදි කියන්න ප්‍රමෝද්‍ය විශේෂ විමර්ශන ඒකකයට.. | Pramodya To The Special Investigation Unit

ප්‍රමෝද්‍යගේ මාධ්‍ය නිවේදනයට අනුව රග පාවාදීම, දූෂණය, නීතිවිරෝධී මෙහෙයවීම සහ නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධ කාරණා පිළිබඳ ඔහු දන්නා බවට කරන ලද ප්‍රකාශය බරපතළ එකක් වන බවයි ක්‍රීඩා අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම්දී ඇත්තේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

නොවැම්බර් 22 වනදා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කැඳවා තිබෙනවා. 

වෙනස් වුණු ඩොරලරයේ අද අගය...

වෙනස් වුණු ඩොරලරයේ අද අගය...


ReeCha