ජනාධිපතිවරණය පැවැත්වීම ගැන දැනුම්දීමක්..
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ, ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිසි කලට පැවැත්වෙනු ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් ජනතාව කිසිදු සැකයක් ඇති කරගත නොගත යුතු බවයි, අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මේ අතර, නිදහස ජනතා සභාව මෙතෙක් කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහාය පළ කිරීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පවසයි.
මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් ගුණපාල රත්නසේකර මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.