ඩොලරයේ අගය අදත් උඩට - වාණිජ බැංකු රැසක ගැනුම් සහ විකුණුම් මිල ගණන් ඉහළට - අලුත්ම අනුපාතික මෙන්න
ශ්රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක අද (23) දිනයේ ඇමෙරිකානු ඩොලරයේ විනිමය අනුපාතිකයන්හි වෙනස්කම් වාර්තා වී ඇති අතර, බැංකු කිහිපයකම ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතික ඉහළ ගොස් තිබේ.
සෙලාන් බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 327.55ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රු. 336.80ක් ලෙසත් නොවෙනස්ව පවතී. NDB බැංකුවේ ගැනුම් අනුපාතිකය රු. 327.40 සිට රු. 327.80 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 336.40 සිට රු. 336.80 දක්වා ඉහළ ගොස් තිබේ.
මහජන බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 327.86 සිට රු. 328.11 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 335.99 සිට රු. 336.24 දක්වාත් ඉහළ ගොස් ඇත.
කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය රු. 325.83 සිට රු. 326.33 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 335.75 සිට රු. 336.25 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, සම්පත් බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 328.00 සිට රු. 328.50 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 336.00 සිට රු. 336.50 දක්වාත් ඉහළ ගොස් ඇත.