“භික්ෂුන් නිහඬ වුණොත් කවුද කතා කරන්නේ?” - වෙඬරුවේ උපාලි හිමියන්ගෙන් බලවත් ප්‍රකාශය

Report

වර්තමානයේ මහා සංඝරත්නයට, බෞද්ධ සංස්කෘතියට හා රටේ ඉතිහාසයට ලැබෙන සැලකිල්ල හා ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලුවක් ඇතිව ඇති බව අස්ගිරිය මහා විහාරයේ අනු නායක, පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී ඊයේ (31) පැවති උත්සවයකදීය.

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති, අපවත් වූ පූජ්‍ය වලවාහැංගුනවැවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල හිමියන්ගේ තිස්පස්වන ගුණානුස්මරණය වෙනුවෙන් සියක් නමකට සංඝගත දක්ෂිණාව පැවැත්වූ අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කළා. එහිදී වත්මන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් රචිත “සිව් බුදුවරුන්ගේ සිරිපා පහස ලැබූ සේල චේතිය” කෘතිය ද දොරට වැඩුම් කරන ලදී.

“මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ, වහගන්න හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ"- නාමල් ආණ්ඩුවේ රෙදි ගලවයි

“මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ, වහගන්න හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ"- නාමල් ආණ්ඩුවේ රෙදි ගලවයි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අස්ගිරිය අනු නායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පැවසුවේ,

“අපි අද ආවේ අපේ මුදුන් මුල හොයාගෙන, නැත්නම් අපේ හදවතට මේ උදාර පුදබිම අපට එදාත්, අදත්, හෙටත් කවදාත් වටිනවා. හැබැයි මේ මුලට, මේ බිමට, මෙහි වැඩහිඳින නාහිමිවරුන්ට, වර්තමානයේ සමස්ත සංඝරත්නයට, ශාසනයට, සංස්කෘතියට, කලාවට, ඉතිහාසයට තියෙන තැන, ලැබෙන සැලකිලි කොතෙක් දුරට අපට සතුටුවෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථය අපි හැමදෙනාටම තිබෙනවා. භික්ෂුව නිහඬ වුණොත් කවුද කතා කරන්නේ? අසාධාරණයට, මේ බරපතළ සංස්කෘතික සෝදාපාලුවට. ඒ නිසා භික්ෂුන් වහන්සේලා තර්ජන, ගර්ජනවලට බියවිය යුතු කෙනෙක් නෙවෙයි. දේවදත්තලා හිටපු නිසා තමයි බුදුගුණ ඔය තරම් ලස්සනට ඉස්මතුවන්නේ.”

උන්වහන්සේගේ මෙම ප්‍රකාශය එහි පැවැත්වුණු උත්සවයේදී බලවත් අවධානයට ලක්විය.

‘කුඩු’ රියැදුරන්ට දැඩි පියවර - අල්ලන නිලධාරියකුට දහදාහක්

‘කුඩු’ රියැදුරන්ට දැඩි පියවර - අල්ලන නිලධාරියකුට දහදාහක්

දවසේ පලාපල - අද යන එන ගමන් බිමන් වියදම් වැඩි කරන ලග්න ටික මෙන්න

දවසේ පලාපල - අද යන එන ගමන් බිමන් වියදම් වැඩි කරන ලග්න ටික මෙන්න