බදුල්ල ශික්ෂණ රෝහලේ සංවර්ධනයට රු. බිලියන 11ක වැඩපිළිවෙළක්

Report

ඌව පළාතේ මිලියන 1.5කට අධික ජනතාවකට තෘතීයික මට්ටමේ විශේෂඥ සෞඛ්‍ය සේවා සපයන බදුල්ල ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 11,000කට ආසන්න මුදලක් වෙන් කර දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

බදුල්ල ශික්ෂණ රෝහලේ කළමනාකරණ කමිටු රැස්වීම අද (12) රෝහල් ශ්‍රවණාගාරයේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

රෝගී සත්කාර සේවා තවදුරටත් ශක්තිමත් කිරීම, මානව හා භෞතික සම්පත් සංවර්ධනය, පවතින ගැටලු කඩිනමින් විසඳීම සහ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

දිවයින පුරා ජනතාවට වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම හා අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් දිස්ත්‍රික් මට්ටමින් රෝහල් කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

බදුල්ල ශික්ෂණ රෝහලේ පවතින මානව සම්පත් හිඟය කඩිනමින් පියවීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු පිරවීමට පියවර ගන්නා බව නිලධාරීහු පෙන්වා දුන්හ.

එමෙන්ම නව ඒකක සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල අනුමත කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් මාලිමාවට ජනවරමක් තිබෙනවා - අමාත්‍ය උපාලි පන්නිල

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් මාලිමාවට ජනවරමක් තිබෙනවා - අමාත්‍ය උපාලි පන්නිල

රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර සේවා පුළුල් කිරීම සඳහා රෝහලේ ස්ථාපිත කර ඇති Triple Energy LINAC යන්ත්‍රය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද අවධානය යොමු විය. කල් ඉකුත්ව ඇති Cobalt-60 විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය වෙනුවට Single Energy LINAC යන්ත්‍රයක් ස්ථාපනය කිරීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.

මේ අතර, රෝහලේ Cardiac Catheterization Laboratory (Cath Lab) ව්‍යාපෘතියේ ඉදිකිරීම් සහ අවශ්‍ය උපකරණ සූදානම්ව පවතින අතර, රේගු නිෂ්කාශනය, උපකරණ ස්ථාපනය, විදුලි බල සැපයුම සහ අවශ්‍ය මානව සම්පත් සපයා ගැනීම කඩිනම් කිරීමටද පියවර ගැනීමට නියමිතය.

මීට පස්සේ කම්පැනිවලින් අනවශ්‍ය කෝල් එන්නේ නෑ - ඊයේ ඉඳන් මේ අයට අලුත් නීතියක්

මීට පස්සේ කම්පැනිවලින් අනවශ්‍ය කෝල් එන්නේ නෑ - ඊයේ ඉඳන් මේ අයට අලුත් නීතියක්

මීට අමතරව, මහාචාර්ය ඒකකය සහ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ ගොඩනැගිලි ඉදිකිරීම්, වෛද්‍ය හා රසායනාගාර උපකරණ, ඉඩම් අත්පත් කර ගැනීම් මෙන්ම විශේෂඥ වෛද්‍ය හා වෛද්‍ය නිල නිවාස අවශ්‍යතා සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබේ.

අක්කර 09ක භූමි ප්‍රදේශයක පිහිටි බදුල්ල ශික්ෂණ රෝහලේ ඇඳන් 1,562ක්, වාට්ටු 43ක්, විශේෂිත ඒකක 65ක් සහ ශල්‍යාගාර සංකීර්ණ 04ක් තුළ ශල්‍යාගාර 12ක් පවතී. වසරකට පුද්ගලයන් 592,000කට පමණ සායනික සේවා ලබාදෙන අතර, තවත් 371,000කට ආසන්න පිරිසක් වාර්ෂිකව බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඔබාමාගේ ලෝක දැක්ම වෙනස් කළ පොත් ගැන කියන්න පොඩ්කාස්ට් වැඩසටහනක්

ඔබාමාගේ ලෝක දැක්ම වෙනස් කළ පොත් ගැන කියන්න පොඩ්කාස්ට් වැඩසටහනක්