අල,ලූණු ටිකක්වත් කන්න නැතිවෙන හැඩයි - මෙන්න විස්තරය

Report

පිටකොටුව තොග වෙළඳපොලේ අල සහ ලූනු ආනයනය දැඩි ලෙස අඩුවී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව රජය විසින් ඉහළ දමනු ලැබූ තීරු බදු ගාස්තු හේතුවෙන් මෙම ආනයන ක්‍රියාමාර්ග සීමා වී ඇති බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා සඳහන් කළාය.

ඔහු සඳහන් කළේ, ලූනු සඳහා රුපියල් 50ක් දක්වා, අල සඳහා රුපියල් 80ක් දක්වා වශයෙන් තීරු බදු වැඩි කළා බවයි.

ඉදිරි මාස කීපයපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

ඉදිරි මාස කීපයපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

මේ හේතුවෙන් මේ වන විට තොග වෙළඳපොලේ මිල ගණන්ද ඉහළ ගොස් තිබේ.ඒ අනුව,

ලූනු කිලෝ ග්‍රෑමයක් රුපියල් 130 – 140 අතර,

අල කිලෝ ග්‍රෑමයක් රුපියල් 170 – 175 අතර මිලකට අලෙවි වේ.

අදාළ සංගමය වැඩිදුරටත් පවසන්නේ, දඹුල්ල සහ වැලිමඩ ප්‍රදේශවල ගොවීන් විසින් නිෂ්පාදනය කරන අල හා ලූනු වල ප්‍රමිතිය හා මිල ගණන් සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි.

වාහන පදින ඔයාලා වෙනුවෙන්ම රජයෙන් සුපිරි වැඩක් ආයේ බයවෙන්න දෙයක් නෑ

වාහන පදින ඔයාලා වෙනුවෙන්ම රජයෙන් සුපිරි වැඩක් ආයේ බයවෙන්න දෙයක් නෑ

ඒ නිසා වෙළඳපොලේ අලෙවිය ද අවම වී ඇති බවද සඳහන් කරයි. නිහාල් සෙනවිරත්න මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කළේ, මෙම තත්ත්වය හේතුවෙන් ගොවීන් හා පාරිභෝගිකයන් දෙපාර්ශවයම අසීරුතාවට ලක්වන බවත්, එබැවින් රජය මෙම ගැටලුවට විසඳුමක් සොයා බලිය යුතු බවත් ය.