දිවයින පුරා අද සිට වෙනද විදියටම ඇරඹෙන සේවාව මෙන්න.

Sri Lanka Postal service
By Aruna Oct 04, 2021 01:16 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තැපැල් සේවා සීමා සහිතව ක්‍රියාත්මක වූ අතර තැපැල් කාර්යාල විවෘතව තැබුණේ සතියට දින 4ක් පමණයි.

මේ අනුව සංචරණ සීමා පැවති සමයේ පෙරවරු 9 සිට සවස 4 දක්වා සතියට දින හතරක් පමණක් විවෘත කරන ලද තැපැල් කාර්යාල අද සිට පෙරවරු 8 සිට සවස 4 දක්වා සෙනසුරාදා ද ඇතුළත්ව සතියට දින හයක් විවෘත කෙරේ.

ලිපි හා පාර්සල් බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන අතර රජයේ රෝහල්වල සායනික රෝගීන්ගේ ඖෂධ නිවෙස්වලට බෙදා හැරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව ද කොවිඩ් තෙවැනි රැල්ලේ මේ දක්වා ඖෂධ වට්ටෝරු පන්ලක්ෂ හැත්තෑ දහසක් පමණ නිවෙස්වලට බෙදාහැර ඇතැයි ද නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේය.

දිවයින පුරා ම ලිපි සහ පාර්සල් බෙදා හැරීමේ කටයුතු ක්‍රියාත්මක කෙරෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ වාහනවලින් පමණක් බවත්, දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ධාවන කටයුතු ආරම්භ කරන්නේ නම් දුම්රියෙන් ලිපි හා පාර්සල් ප්‍රවාහන කටයුතු සඳහා දෙපාර්තමේන්තුව සූදානම් බවත් ඒ මහතා කීවේය..

ඊට අදාලව නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery