ජන හා නිවාස සංගණනය ඇරඹේ.
Sri Lanka
By Hashini
ජන හා නිවාස සංගණනය අද (01) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණා.
එම සංගණනය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර එය වසර දහයකට වරක් පැවැත්වෙනවා.
මෙම වසරේ සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත වුණා.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ මෙම වසරේ සිදුකරනු ලබන සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිතා කරන බවයි.
