ඉන්ධන පිරවුම් හළක පොළවෙන් පෙට්‍රල් මතුවෙයි.. විඩියෝ සහිතයි.. (VIDEO)
ජනතාව විශාල ප්‍රමාණයක් පෝලිමේ බලා සිටියදී ඉන්ධන අවසන් බව පැවසූ ඉන්ධන පිරවුම්හලක් පොලීසිය මැදිහත් වී නැවත විවෘත කර ඉන්ධන බෙදාහැරීම ආරම්භ කළ සිද්ධියක් පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා විය.
පොළොන්නරුව පොළ මංසන්ධිය ආසන්නයේ පිහිටි ලංකා ඉන්ධන පිරවුම්හළේ ඉන්ධන තොග අවසන් බව පෝලිමේ රැඳී සිටි ජනතාවට පවසා තිබේ. කෙසේ වෙතත් එය පිළිනොගත් ජනතාවට එම ස්ථානයෙන් හබරණ-පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.
එහිදී පොළොන්නරුව පොලිසියේ ස්ථානාධිපතිවරයා විරෝධතාවය පැවති ස්ථානයට පැමිණ ඉන්ධනපිරවුම්හලේ ඉන්ධන ඇති බව අනාවරණය කරගැනීමත් සමඟ යළි ඉන්ධන බෙදාහැරීම ආරම්භ කර තිබුණි.
එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ඉන්ධනපිරවුම්හලේ සේවකයෙකු විසින් පෙට්‍රල් අවසන් බව පැවසීමට ජනතාවට පෙන්වා ඇත්තේ ඩීසල් සංචිතය බවටය. එම අවස්ථාව අප වාර්තාකරුගේ කැමරාවේ සටහන්ව තිබුණේ මෙලෙසින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |