ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් අනතුරු ඇගවීමක් - මුදල් වංචා කිරීමේ ජාවාරමක්

Report

 ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  සේවාවක් බවට හඟවමින් WhatsApp ගිණුම් හරහා දුරකථන සම්බන්ධතා ඇති කරගනිමින් ව්‍යාජ වෙබ් අඩවි ත්‍රිත්වයක් හරහා “Sri Lankan.apk” යනුවෙන් පවතින ජංගම දුරකථන යෙදුමක් ස්ථාපනය කරවීමට සැලැස්වීම හරහා මුදල් වංචා කළ දුරකථන අංකයන් 05ක් ගැන ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් ක‍ර ඇත.

ශ්‍රීලන්කන් හිටපු CEO සියදිවි හානි කරගනී

ශ්‍රීලන්කන් හිටපු CEO සියදිවි හානි කරගනී

ඒ අනුව අනිශ්ඨ ක්‍රියාකරුවන් විසින් මුදල් ගණුදෙනුවක් සිදුකරවීමට සලස්වමින් One -Time Password (OTP) අංක, බැංකු ගිණුම් තොරතුරු සහ සත්‍යාපන දත්ත (ඇඟිලි සලකුණු, මුහුණු හඳුනා ගැනීම) ලබාගැනීම හරහා බැංකු යෙදුම් වෙත අනවසර ප්‍රවේශ ලබා ගනිමින් වංචනික ලෙස මුදල් වෙනත් බැංකු ගිණුම් වෙත බැර කරගැනීම සිදුකරන බව අනාවරණය විය.

රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

මෙම ක්‍රියාවලිය සඳහා පහත සඳහන් දුරකථන අංක භාවිතා කරනු ලබන බවට නිරීක්ෂණ වී තිබුණි.

දුරකථන අංක :- 077-4558361 074-1142208 077-5791209 074-3268200

මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්,


Gallery