තව දවස් දෙකකින් වියට්නාම ජනපතිත් ලංකාවට
By Kaushi
වියට්නාම සමාජවාදී ජනරජයේ ජනපති ටෝ ලාම් මහතා ශ්රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
ඒ එළඹෙන මැයි 07 වන දින නිල සංචාරයක් සඳහා බව වාර්තා වේ. ඔහු මැයි 08 වන දින ශ්රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම මෙම ඉහළ පෙළේ රාජ්ය තාන්ත්රික සංචාරය මඟින් ශ්රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා නව මාවතකට යොමු වනු ඇති බවට අපේක්ෂා කරන බව සඳහන්.