අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට...

By Parami Dissanayake Aug 02, 2024 05:59 PM GMT
Report

අද (02) වත්තල, මහබාගේ අධිකරණයේ රථගාල ඉදිරිපිට මාර්ගයේ දී අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් රුපියල් 150,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උද්ඝෝෂණයක් අතරතුර නයිජීරියාවේ 13 දෙනෙකු ජිවිතක්ෂයට... (VIDEO)

උද්ඝෝෂණයක් අතරතුර නයිජීරියාවේ 13 දෙනෙකු ජිවිතක්ෂයට... (VIDEO)

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහබාගේ පොලීසියේ රථ වාහන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.

පොලිස් සැරයන්වරයා විසින් මෙම මුදල ඉල්ලා ඇත්තේ, පැමිණිලිකරු යුක්තියේ මෙහෙයුමේ දී අයිස් විකුණන බවට නම ඇතුළත් බවට හා එම නම ලේඛනයෙන් ඉවත්කර දීමට මෙන්ම පැමිණිලිකරුගේ නිවස නිරන්තරයෙන් පොලීසිය පැමිණ පරීක්ෂා කිරීම නොකර සිටීමටත් සහ පැමිණිලිකරුට මින් ඉදිරියට කරදරයකින් තොරව ජීවත්වීමට ඉඩසලසා දීම වෙනුවෙනුත් ය.

තුර්කිය Instagram ප්‍රවේශය අවහිර කෙරේ...

තුර්කිය Instagram ප්‍රවේශය අවහිර කෙරේ...

මෙලෙස සැරයන්වරයා අත්අඩංගුවට ගනු ලැබුවේ, උස්වැටකෙයියාව ප්‍රදේශයේ, පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ය.