උද්ඝෝෂණයක් අතරතුර නයිජීරියාවේ 13 දෙනෙකු ජිවිතක්ෂයට... (VIDEO)

By Parami Dissanayake Aug 02, 2024 05:11 PM GMT
Report

පවතින ආර්ථික අර්බුදයට එරෙහිව නයිජීරියාවේ පැවති විරෝධතා අතරතුරදී පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති අතර, එරට ප්‍රදේශ රැසකට ඇඳිරි නීතිය ද පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එමෙන් ම, විරෝධතාකරුවන් විසින් රාජ්‍ය දේපළ රැසකට හානි සිදු කර ඇති බවත්, ඔවුන් සිය ගණනක පිරිසක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.

තුර්කිය Instagram ප්‍රවේශය අවහිර කෙරේ...

තුර්කිය Instagram ප්‍රවේශය අවහිර කෙරේ...

ඒ අනුව, ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ මෙලෙස විරෝධතාකරුවන් මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

එමෙන් ම, මෙමගැටුම්කාරී වාතාවරණය හමුවේ පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇත.