මෙයාව දැක්කොත් වහාම පොලිසියට කියන්න
මහව පොලිස් වසමේ පසුගිය නොවැම්බර් 24 වැනිදා රාත්‍රියේ වෙළඳසැල් හතරක් බිඳ භාණ්ඩ සහ මුදල් සොරකම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටිනවා.
එම සැකකරු වෙළඳසැල් බිඳ දේපළ සොරාගෙන යන ආකාරය CCTV දර්ශනවල සටහන් වී තිබෙන අතර, ඒ අනුව ලබාගත් සැකකරුගේ ඡායාරූපයක් පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නා අයෙකුට 037 226 0008 හෝ 071 859 6411 යන දුරකථන අංක වෙත දැනුම්දීමට පොලිසිය ආයාචනා කරනවා.