මම නිමල් සිරිපාල ඇමතිතුමාටත් ඇරලා පාර්ලිමේන්තුවට ආපු මිනිහෙක් මේ තනතුර හෙට අවොත් මං දයාසිරිට ආපහු දෙනවා - චාමර

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැමිණියහොත් තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබුණු තනතුර නැවත ලබාදෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කරයි.

ඉකුත් දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව රැස් විය. එහිදී එම පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පත් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ චාමර සම්පත් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා ඇත.

දයාසිරිගෙන් ලිපියක් - පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනාවක්

දයාසිරිගෙන් ලිපියක් - පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනාවක්

''එතුමා ඡනදේ ඉල්ලල්ලා තියෙන්නේ ටෙලිෆෝන් එකෙන්. එතුමා හෙට ඇවිල්ලා සාමාජිකත්වය ගත්ත ගමන්, අනික් පහුවදා ඉඳුනිල් පත් කරනවා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. ඒක කරන්න බෑ, මම ඒක දන්නවා. මොකද, මම මේ ඉන්න නිමල් සිරිපාල ඇමතිතුමාටත් ඇරලා මං පාර්ලිමේන්තුවට ආපු මිනිහෙක්. මේ තනතුර හෙට අවොත් මං දයාසිරිට ආපහු දෙනවා. මේ ඔක්කොම කපුකම් කරන්නේ ෆයිසර් මුස්තාෆා. මං ඒකත් දන්නවා.''

චාමරට හා විජේදාසට ලොකු තනතුරු දෙකක්

චාමරට හා විජේදාසට ලොකු තනතුරු දෙකක්

කෙහෙල්බද්දර පද්මේගෙන් තවත් රහසක් එළියට

කෙහෙල්බද්දර පද්මේගෙන් තවත් රහසක් එළියට