සිගරට් එකත් කටේ ගහන් චන්ඩි පාට් දාපු පොලිස් ලොක්කට ස්ථාන මාරුවක්

Report

කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව ස්ථාන මාරුකර ඇත. ඒ පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔහු කුලියාපිටිය පොලිස් ස්ථානයේ සිට මාවතගම පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරුකර ඇති බවයි.

ඉකුත් දිනවල සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරියෙකු විසින් නිවසක රැඳී සිටින පුද්ගලයෙකුට පහරදීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී තිබුණා.

එම සිද්ධිය පිළිබඳව වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අතර එහිදි හෙළි වූයේ පහරදෙනු ලබන පුද්ගලයා කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බවයි.

ගම්පොළ කුණුවලින් වැහෙයි - දැඩි විරෝධයක් මැද නගරාධිපති පණ බේර ගෙන දුවයි

ගම්පොළ කුණුවලින් වැහෙයි - දැඩි විරෝධයක් මැද නගරාධිපති පණ බේර ගෙන දුවයි

එබැවින් සැකකරු ස්ථාන මාරු කිරීමට පියවර ගෙන ඇති අතර එම නිලධාරියාට එරෙහිව ඉදිරියේ දී විනය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බව පොලීසිය සඳහන් කළා.

අඳාළ වීඩියෝ පටයෙහි කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති දුම්වැටියක්ද අතේ තබාගෙන පුද්ගලයෙක්ට ⁣පොල්ලකින් අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වේ. 

පියුමි හංසමාලිට එරෙහිව රු. මිලියන 225ක බදු චෝදනා - කොළඹ මහාධිකරණයට අධිචෝදනා

පියුමි හංසමාලිට එරෙහිව රු. මිලියන 225ක බදු චෝදනා - කොළඹ මහාධිකරණයට අධිචෝදනා

ගංජා වැව්වා කියපු ඉඩම මාලිමා මන්ත්‍රීගේ නෙවේ ඒක නෑනාගේ - ඇත්ත කතාව එළියට

ගංජා වැව්වා කියපු ඉඩම මාලිමා මන්ත්‍රීගේ නෙවේ ඒක නෑනාගේ - ඇත්ත කතාව එළියට