ශාන්ත නොවූ මාලිමා මන්ත්‍රී - ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට මාලිමා මන්ත්‍රීගෙන් ලෙඩ ඇඳට වැටෙන්නම ප්‍රහාරයක්

Report

ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ මාමණ්ඩියගේ ඉඩමක සිදුකළ ගංජා වැටලීම සිදු කළ පොලිස් නිලධාරියාට එම මන්ත්‍රීවරයා පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

මේ වන විට අඳාළ පහරදීමෙන් සුසන්ත නැමැති එම නිලධාරියා ඇඹිලිපිටිය මූලික රෝහලේ අංක 01 වාට්ටුවේ 35 වැනි ඇඳේ ප්‍රතිකාර ලබමින් පසුවන බව සඳහන්.

එසේම එම පොලිස් නිලධාරියා පවසන්නේ රාජකාරිය නිමවා එමින් සිටි අවස්ථාවේ වෙළඳසැලක් අසළදී තමන්ට මෙම පහර දීම සිදුකළ බවයි.

එහිදී මන්ත්‍රීවරයාගේ කැබ් රථය නවත්වා තිබී ඇති අතර මන්ත්‍රීවරයා පැමිණ ''මට උඹව හම්බෙන්න ඕනෑ'' යනුවෙන් පවසා ඇති බව සඳහන්.

ගංජා කතාවක් කියලා නම කැත කරපු පොලිසියේ OIC ට සහ සජබෙ මන්ත්‍රීන්ට විරුද්ධව මාලිමා මන්ත්‍රීගෙන් ඉල්ලීමක්

ගංජා කතාවක් කියලා නම කැත කරපු පොලිසියේ OIC ට සහ සජබෙ මන්ත්‍රීන්ට විරුද්ධව මාලිමා මන්ත්‍රීගෙන් ඉල්ලීමක්

එවිට තමා ''හම්බවෙන්න ඕනේනම් හම්බවෙමු'' යැයි කියා කී බවත් එහිදී වචන කිහිපයක් හුවමාරු වූ බවත් පහරකෑ නිලධාරියා පවසා ඇත.

අනතුරුව මොහු නිවස බලා යමින් සිටියදී කැබ් රථය පාර හරහා නවත්වා සිය යතුරුපැදියේ යතුර බලෙන්ම මන්ත්‍රීවරයා විසින් ගත් බවද ඔහු ප්‍රකාශ කළ බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ පොලිස් නිලධාරියා යතුරුපැදියෙන් බැසීමට උත්සාහ කළ මොහොතේ කසිප්පු පැකට්ටුවකින් මුහුණට පහරදුන් බවද ඔහු ප්‍රකාශ කර ඇත.

එවිට තමාගේ දෑස් නොපෙනී ගිය බවත් ඒ සමගම තමුන්ට පහරදුන් බවත් ඔහු පවසා තිබෙන බව වාර්තා වේ.

ගංජා වැව්වා කියපු ඉඩම මාලිමා මන්ත්‍රීගේ නෙවේ ඒක නෑනාගේ - ඇත්ත කතාව එළියට

ගංජා වැව්වා කියපු ඉඩම මාලිමා මන්ත්‍රීගේ නෙවේ ඒක නෑනාගේ - ඇත්ත කතාව එළියට

ජනපති පොරොන්දු වූ රු. 25,000 ආධාරය ඉල්ලා රටපුරා විරෝධතා

ජනපති පොරොන්දු වූ රු. 25,000 ආධාරය ඉල්ලා රටපුරා විරෝධතා