ගංජා කතාවක් කියලා නම කැත කරපු පොලිසියේ OIC ට සහ සජබෙ මන්ත්‍රීන්ට විරුද්ධව මාලිමා මන්ත්‍රීගෙන් ඉල්ලීමක්

Report

තමන් සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේදී චෝදනා කරන ලද්දේ සූරියකන්ද පොලිසි ස්ථානාධිපතිවරයා සහ කොලොන්න ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේග මන්ත්‍රීවරු බවට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා පවසයි.

එනිසා තමන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවද පැවසූ ඔහු ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම මෙම අසත්‍ය තොරතුරු පළ කරන ලද සමාජ ජාලා, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය පුවත්පත් ඇතුළු සියල්ල වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙසත් ඔහු ඉල්ලා ඇත.

ඔහු මේ අදහස් දක්වා සිටියේ අද දින පාර්ලිමේන්තුවේදීයි.

ගංජා වැව්වා කියපු ඉඩම මාලිමා මන්ත්‍රීගේ නෙවේ ඒක නෑනාගේ - ඇත්ත කතාව එළියට

ගංජා වැව්වා කියපු ඉඩම මාලිමා මන්ත්‍රීගේ නෙවේ ඒක නෑනාගේ - ඇත්ත කතාව එළියට

අඳාළ ප්‍රකාශය පහතින්,

" 2025.12.16 වන දින සහ ඉන්පසුව මා ඉලක්ක කර ගනිමින් සාවද්‍ය කරුණු සමාජගත කිරීමට සූරියකන්ද පොලිසියේ පොලිස් ස්ථානාධිපති සහ චාමින්ද සහ සුසන්ත යන අය විසින් ආරම්භ කරන ලදුව පසුව කොළොන්න ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රී බුද්ධික යන අය කරන ලද අපහාස කිරීමෙන් පසුව සමාජ මාධ්‍යයෙන් අනෙකුත් මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙත් පළ කරමින් මාගේ පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගි වීමට බාධා පැමිණවීම අරමුණු කර ගනිමින් සිදුකරන බව නිරීක්ෂණය කරමි. ඒ අනුව අදාළ පොලිස් නිලධාරින් සහ මාධ්‍ය පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත උල්ලංඝනය කර ඇත. තවද සමගි ජන බලවේගයේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අධි නීතිඥයයි කියාගන්නා අජිත් පිී පෙරේරා මහතා විසින් 2025.12.17 දින මාධ්‍ය හමුවක් කැඳවමින් මාගේ නම, පක්ෂය, දිස්ත්‍රික්කය සහ මනාප ප්‍රමාණය සඳහන් කරමින් ව්‍යාජ කරුණු දැක්වීමක් සිදු කරමින් පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත උපලේඛන ආ කොටසේ 8 හි දක්වා ඇති වරද සිදුකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් මාගේ වරප්‍රසාද උල්ලංඝනයට කටයුතු කර ඇත. එබැවින් ඒ සියලු දෙනා වරප්‍රසාද කමිටුව ඉදිරියට ගෙන එන ලෙසත් ඒ පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලමි."

සජබේ ලොක්කෙක් කාන්තාවකගේ රථයට බලෙන් පැන ආල පාන්න ගිහින් - කාන්තාව පොලීසි යයි

සජබේ ලොක්කෙක් කාන්තාවකගේ රථයට බලෙන් පැන ආල පාන්න ගිහින් - කාන්තාව පොලීසි යයි

ජොබ් එකක් නැත්නම් මම හිඟා කනවා - බඩුත් අරන් එළියට බැස්ස වෛද්‍ය රුක්ෂාන් මාධ්‍යයට කියයි

ජොබ් එකක් නැත්නම් මම හිඟා කනවා - බඩුත් අරන් එළියට බැස්ස වෛද්‍ය රුක්ෂාන් මාධ්‍යයට කියයි